snow

Best Blogger TipsGet More New Blogger Widget

Featured Posts

RSS

ලංකාවේ මෙතෙක් සිංහලෙන් අන්තර්ජාල ගත වන කෑම වට්ටෝරු පිලිබදව ඔබට කියා දෙන පළමු අන්තර්ජාල අවකාශය මෙය වේ මෙහි සදහන් වන්නේ 100% නිවැරදි ක්‍රම බව මෙඉන් දැනුම් දෙමු

අපේ රහට නත්තල් කේක්



අවශ්‍ය දැ :-

මාගරින් 100 g 
සීනි 200 g 
රුලන් 100 g 
බිත්තර කහ මද  5 ඉ 
බිත්තර සුදු මද 3 ඉ 
සුල්තනා  100 g 
රේසින් 100 g 
කරන්ට්ස් 100 g 
කජු 100 g 
චෙරී  100 g 
චව් චව්  200 g 
පුහුල් දෝසී  200 g 
ඉගුරු දෝසි  75 g 
කැන්ඩි පීල්  50 g 
ස්ටෝබෙරි  ජෑම්  හා  අන්නාසි  ජෑම්  තේ හැදි 2 බැගින් 
ආමන්ඩ්  රස කාරකය  තේ හැදි 2
රෝස්  රස කාරකය   තේ හැදි 2
වැනිලා රස කාරකය  තේ හැදි 2
ග්රට් කරගත් සාදික්ක ගෙඩි 1/4
කලවම් කර ගත කුළු බඩු  තේ හැදි 2
බ්‍රැන්ඩි 50 ml
මී පැණි  මේස හැදී 2
දෙහි පොතු  තේ හැදි 1/2


සාදාගන්න ක්‍රමය :-

පළමුව 
කජු,
චෙරී,
චව් චව් ,
පුහුල් දෝසී  ,
ඉගුරු දෝසි ,
කැන්ඩි පීල් කුඩාවට කැප ගන්න . මෙය බජනයකට දමා 
සුල්තනා,
රේසින්,
කරන්ට්ස් ද දම ගන්න. එය හොදින් කලවම් කර  මිශ්‍රණය දවස් 7-10 ක් පමණ හුලන් නොවදින සේ හොදට වස තබන්න .
        මාගරින් සහ සීනි හොදින් ගසා  ගන්න මෙයට ක්‍රම ක්‍රමයෙන්  බිත්තර කහ මද එක කර හොදින් ගසා  ගන්න.එයටම  ජම,එසන්ස් ,මීපැණි ,දෙහිපොතු ,සාදික්කා ,බ්‍රැන්ඩි  සහ ඉහත සාදා ගත්  පලතුරු ,රුලං  ද එක්කර හොදින් කලවම් කර ගන්න ,අවසානයට බිත්තර සුදු මදද එක්කර ගන්න ,මෙය සෙල්සියස්  අංශක 155-160 උෂ්ණත්වයක විනාඩි 120-150ක් පමණ වෙලාවක් පුළුස්ස ගන්න 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ලවා කේක්

                                     
අවශ්‍ය දැ :- 



කුකින් chocolate 250 g
බටර් 250
g
බිත්තර  4
සීනි කෝප්ප  1
පිටි කෝප්ප 1/2
ලුණු තේ හැදී 1/8

සාදාගන්න ක්‍රමය :-



                     
පළමුව chocolate ටික කැබලි වලට කපා බාජනයකට දම එය තවත් උතුරන බාජනයක් මත තබා ඩබල් බෝඉල් කර chocolate  ටොක හොදින් දිය කර ගන්න පසුව ලිපෙන් බා ගෙන උණුසුම යන්නට පෙර බටර් දම හොදින් දිය කර ගන්න අනතුරුව වෙනම බදුනකට බිත්තර , සීනි  දම හොදින් බීට් කර ගන්න උණුසුම තිබියදීම බීට් කරපු මිශ්‍රණය එක කරන්න ඉන්පසු මෙයට පිටි හා ලුණු එක කර හොදින් මිශ්‍ර කරන්න දැන් රමේකින් (
Ramekin , උනාට දැමිය හැකි කප් ) වලට බටර් තවරා සද ගත මිශ්‍රණය 3/4 පිරෙන සේ දමා ගන්න දැන් මේවා 15min  ශීතකරණයක තබන්න 
                           අනතුරුව ශීතකරණයෙන් එලියට ගෙන 180C උෂ්ණත්වයට 8-10min  බේඑක් කරගන්න පසුව උණුසුම තිබෙදීම කමට ගන්න .


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නුඩිල්ස් අලුත් විදිහකට



අවශ්‍ය දැ :-
නුඩිල්ස් 250 g
බටර් 50
g
පිටි 25 g
කල්කිරි 100 ml
කුකුල් මස්  150 g
පොඩි කරගත් B ලුණු 25 g
දෙහි , ගම්මිරිස් ,  කපන ලද පාස්ලි ටිකක්

සාදාගන්න ක්‍රමය :-
        
නුඩිල්ස් හොදින් තම්බා ගන්න ඉන්පසු කුකුල් මස් හොදින් තම්බා අහි හම හා කටු ඉවත් කර පුංචි කැබලි වලට කපා ගන්න කළු පතුලක් සහිත බජනයක් ලිප මත තබා බටර් අඩක් වන සේ දමා හොදින් රත් කරන්න පසුව පිටි ප්‍රමාණයද එක් කර යන්තම් පිස ගන්න කිරි එයට ක්‍රමවත් ව එක් කරන්න වෛට් සෝස් නැතිනම් ක්‍රීම් එකක් මෙන් උකුවට සද ගන්න වෙනත් බජනයක් රත් කර එයට ඉතිරි බටර් ද එක් කරන්න පසුව ලුණු ටිකද එක් කරන්න ඒ අතරම තම්බා ගත කුකුල් මස් ද එක් කරන්න මෙයට දෙහි දමා සද ගත් ව්හිට් සෝස් ද එක් කරගන්න පසුව නුඩිල්ස් මිශ්‍ර කරන්න පුරුදු ලෙසම ලුණු පදමට එක්කරන අතරේ පාස්ලි ටිකද දමා මේසයට පිළියෙළ කරන්න  

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Add Your Blog To Blog Potha

Infor

CHAT


Try Relay: the free SMS and picture text app for iPhone.